Posts

Showing posts from August, 2024

ඍතු සතරක්මැයි ජීවිතය [spring,summer,fall,winter...spring]

Image
  දකුණු කොරියානු අධ්‍යක්ෂවරයෙක් වන කිම් කි ඩුක්ගේ සිනමාපට තුළින් අතිවිශිෂ්ට්තම සිනමා පටය ලෙස 2003 වසරේ නිර්මිත spring,summer,fall,winter...spring සැලකිය හැක.සෙන් බෞද්ධ දර්ශනය හා සම්බන්ධ කරමින් මනුශ්‍ය ජීවිතය ඍතු හතරක් හා සමානව චක්‍රයක් සේ ගෙවෙන ආකාරය එකම ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් වසර කිහිපයක් තුල සිදුවන සිදුවීම් ඔස්සේ ඉදිරිපත් කොට ඇත.  බාහිර ලෝකයෙන් වෙන්ව ජලාශ්‍ර්‍රිතය පරිසරයක පිහිටා ඇති  ආශ්‍රමයක වෙසෙන ගුරු සහ ගෝල හිමිනම දෙපළක්  ඍතු වෙනස් වීම ජීවිතය ගලා යාම මනසේ ස්වභාවය වෙනස් වීම හා ගැලපීම කාලය ගත වීමත් සමඟ විවිධ දෑත් අත්දකින්නට හැකි වීම යන සිද්ධි දාමයන් ඔස්සේ මෙම අපූර්ව කතා පුවත ගලා යයි. ඍතු හතරක් කුඩා ගෝල හිමි නමගේ ජීවිතයේ කඩයිම් සමග සසඳවමින් යහපත අයහපත පිළිබඳ කරුනු ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ අත්දකින අයුරු පිළිබඳව බාහිර ලෝකය පිළිබඳ දැනුම  සමාජ අවබෝධය ඒ ඒ කාල වකවානු තුල විවිධ වූ අයුරින් ලබා ගන්නා ආකාරය ඒ දෙස ඉවසීමෙන් බලා හිඳිමින් අවැසි තැන් වල උපදෙස් ලබා දෙමින් ජීවන චක්‍රයට රුකුලක් ලබා දෙන ගුරු හිමි නමත්  යමක් සිදුවීමට ඇත්නම් එය කිසිසේත් වලක්ව...