ඍතු සතරක්මැයි ජීවිතය [spring,summer,fall,winter...spring]

 


දකුණු කොරියානු අධ්‍යක්ෂවරයෙක් වන කිම් කි ඩුක්ගේ සිනමාපට තුළින් අතිවිශිෂ්ට්තම සිනමා පටය ලෙස 2003 වසරේ නිර්මිත spring,summer,fall,winter...spring සැලකිය හැක.සෙන් බෞද්ධ දර්ශනය හා සම්බන්ධ කරමින් මනුශ්‍ය ජීවිතය ඍතු හතරක් හා සමානව චක්‍රයක් සේ ගෙවෙන ආකාරය එකම ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් වසර කිහිපයක් තුල සිදුවන සිදුවීම් ඔස්සේ ඉදිරිපත් කොට ඇත. 

බාහිර ලෝකයෙන් වෙන්ව ජලාශ්‍ර්‍රිතය පරිසරයක පිහිටා ඇති  ආශ්‍රමයක වෙසෙන ගුරු සහ ගෝල හිමිනම දෙපළක් 

ඍතු වෙනස් වීම ජීවිතය ගලා යාම

මනසේ ස්වභාවය වෙනස් වීම හා ගැලපීම

කාලය ගත වීමත් සමඟ විවිධ දෑත් අත්දකින්නට හැකි වීම

යන සිද්ධි දාමයන් ඔස්සේ මෙම අපූර්ව කතා පුවත ගලා යයි.

ඍතු හතරක් කුඩා ගෝල හිමි නමගේ ජීවිතයේ කඩයිම් සමග සසඳවමින් යහපත අයහපත පිළිබඳ කරුනු ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ අත්දකින අයුරු පිළිබඳව බාහිර ලෝකය පිළිබඳ දැනුම  සමාජ අවබෝධය ඒ ඒ කාල වකවානු තුල විවිධ වූ අයුරින් ලබා ගන්නා ආකාරය ඒ දෙස ඉවසීමෙන් බලා හිඳිමින් අවැසි තැන් වල උපදෙස් ලබා දෙමින් ජීවන චක්‍රයට රුකුලක් ලබා දෙන ගුරු හිමි නමත් 

යමක් සිදුවීමට ඇත්නම් එය කිසිසේත් වලක්වාලිය නොහැකි බව 

එය කර්මය ද නැතිනම් ඉ‍රණමට ඉඩ දී බලා හිඳීමද යන්න හරියාකාරව කිව නොහැකි බව ගුරු හිමිනමගේ ක්‍රියා කලාපයෙන් මොනවට පසක් වේ.




 

එක් ඍතුවක වැඩිහිටියෙකුව පත් වෙමින් ගෝල හිමිනම වයසින් මුහුකුරා යත්ම චංචල සිට එක්තැන් කිරීමට සමත්ව ඉවසීම දරා ගැනීම මනස එක් තැන් කර ගැනීම, අයිස් මත භාවනාරූපීව, සිටීම කඳු තරණය කිරීම ආදී  ක්‍රියාකාරකම් ඔස්සේ නිරූපණය කර ඇත. 
එක රැයක නාඳුනන ස්ත්‍රියක් විසින් ගෙන එනු ලබන පිරිමි දරුවකු නැවතත් වසන්ත ඍතුවක, 
එනම් චක්‍රයක ආරම්භය සනිටුහන් කරමින් 
ලෝකය කැරකෙන බව, 
ඍතුවෙහි අවසානයක් නොමැති බව, 
ජීවන අත්දැකීම් ජීවිතාවබෝධය එක් රැයකින් නොලබන බව, 
චක්‍රයක ගෙවෙන ජීවිත තුළින් මොනවට පසක් කර ඇත. 




අති සුන්දර පාරිසරික හසු කර ගැනීම්  වලින් යුතු,
සිතුවම් මෙන් සුන්දර රූපරාමු වලින් හෙබි,
අඩු දෙබස් සහිත 
අපූර්ව සංඥා සංකේත සහිත 
එකී සුන්දර රූපරාමුත් අපූර්ව සංඥා සංකේතත් කැටිකොට
සියලු සත්වයන්ට ධර්මතාවයනුත් බුදු දහමත් ගලපා සරලව නමුත් ප්‍රබලව තම මනසේ ඇඳි  පුදුමාකාර සිනමා රූප  ගෙන එන්නට සමත් වූවා නම් කිම් කි ඩුක් හැර අන් කවරෙකුද?



By Nethmi Wickramarathna

Comments

Post a Comment